ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සිටි රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නක්

ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සිටි රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නක්

July 16, 2026   03:35 pm

ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තිබේ.

එහිදී තවත් පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 5දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර ගිනි නිවන භටයින් එක්ව ගින්න පාලනය කර ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයෙන් ද ඇල්ජීරියාවට බලපෑම් එල්ල වී ඇති අතර මෙම මාසයේ 8වනදා සිට මේ දක්වා එරට පුරා ගිනි ගැනීම් සිද්ධීන් 16කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.