ඩොලරයේ විකුණුම් මිල 341 පනී

ඩොලරයේ විකුණුම් මිල 341 පනී

July 16, 2026   02:14 pm

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, මහ බැංකු දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද (16) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 341.08ක් ලෙසයි.

එහි ගැනුම් මිල රුපියල් 331.67ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (15) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.92ක් ලෙස සටහන් විය.