කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

July 14, 2026   12:15 pm

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.‍

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන් වෙයි.

එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.