දියේ ගිලී 14 හැවිරිදි දරුවෙකු අතුරුදන්
July 14, 2026 07:55 am
ලිඳුල පොලිස් වසමේ අග්‍රා ඔයේ ගිලී පාසල් දරුවෙකු අතුරුදන්වී ඇති බවට ලිඳුල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස අතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අතුරුදන් වූ දරුවා තවත් යහළුවන් කිහිපදෙනෙකු සමඟ මාළු ටැංකියකට අවශ්‍ය ගල් එකතු කිරීම සඳහා ගිය අවස්ථාවේ දී අග්‍රා ඔයට වැටී මෙලෙස දියේ ගිලී අතුරුදන්වී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
පොලිස් නාවික කොට්ඨාසය නුවරඑළිය ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරයි.
