මහරගමදී ගිනිඅවියක් සමග අයෙකු අත්අඩංගුවට

මහරගමදී ගිනිඅවියක් සමග අයෙකු අත්අඩංගුවට

July 13, 2026   07:26 am

රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකට සමාන ගිනි අවියක් සමග සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පොලිස් වසමේ දුම්රිය මාවත ප්‍රදේශයේදීය.

බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 22ක් වූ දුම්රිය මාවත, මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරති.