කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම ගැන තීරණයක්

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම ගැන තීරණයක්

July 12, 2026   12:30 pm

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද දිනයේදී එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය පිරිසිදු කිරීම සහ දූමායනය කිරීම සිදුකර තිබේ.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 67,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 47 දෙනෙක් මරණයට පත්ව තිබේ.

පවතින තත්ත්වය යටතේ මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ඩෙංගු ව්‍යාප්තියේ තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින්, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා තිබේ.

මෙම තත්ත්වය පාලනය සඳහා අද (12) දිනයේත් ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

මේ අතර, මදුරු කීටයින් හමුවූ බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.