අයෝමාල්ට චීනයේදී රිදී පදක්කමක් - වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
July 11, 2026 05:40 pm
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්විය.
ඒ සඳහා ඔහු ගත කළ තත්පර 49.03කි.
ඒ අනුව ඔහු වසර 26ක පැරණි ජාතික වාර්තාවක් ද බිඳහෙළීමට සමත්ව තිබේ.
අයෝමාල් අකලංක විසින් බිඳහෙලනු ලැබූවේ 2000 වසරේදී හරිජන් රත්නායක ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී තබා තිබූ තත්ත්පර 49.44ක වාර්තාවය.
