බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව තහවුරු කළා - අරුණ ජයසේකර
July 11, 2026 03:06 pm
බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුව සාමුහිකය ආසන සමුළුවට එක්වෙමිනි.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අවස්ථානුකූලව ඇතිවෙලා ඇති බවත් ඒවා මේ වනවිට සමථයකට පත් කර ඇති බව ඒ මහතා අවධාරණය කළේය.
තමන් ඇතුළු කණ්ඩායම සියලු යහපත් කාර්යයන් ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්ති ගරුකව සිදු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
විපක්ෂයට සෑම දිනකම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ යහපත් කාර්යයන්වලට විරුද්ධ වන බව ද අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය.
එම නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම හා බෝගම්බර බන්ධනාගාරයේ යළි පිහිටවීම පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරි දිනයකදී අදහස් දක්වන බව ඔහු අනාවරණය කරයි.
