නව නාවික හමුදාධිපති අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකී
July 10, 2026 05:02 pm
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා මල්වතු සහ අස්ගිරි මහා විහාර දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.
මෙහිදී ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගිය නාවික හමුදාධිපති, මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ පිළිගැනීමෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය නාවික හමුදාධිපති, ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ආශිර්වාද ලබා ගත්තේය.
පසුව, අස්ගිරි මහා විහාරය වෙත පැමිණි නාවික හමුදාපති, අස්ගිරි පාර්ශවයේ රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්‍හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී කෞෂල්‍යා ඕපාත ප්‍රනාන්දු මහත්මිය ද එක්ව සිටියාය.
එමෙන්ම නාවික ලේකම් සහ නාවික හමුදාධිපතිගේ ලේකම් කොමදෝරු කුමාර මුණසිංහ, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් හේමන්ත රණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී වී ඇත.
