ඔස්ට්‍රේලියාවේ BBLඉන්දියාවට

ඔස්ට්‍රේලියාවේ BBLඉන්දියාවට

July 10, 2026   03:33 pm

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ එළැඹෙන 2026-27 තරගවාරයේ සමාරම්භක තරගය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම ඓතිහාසික තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණය වන සුප්‍රකට MA චිදම්බරම් ක්‍රීඩාංගණය සත්කාරකත්වය සපයනු ලැබේ.

ලොව දැවැන්තම ක්‍රිකට් ලීගයට (IPL) හිමිකම් කියන ඉන්දියාව, විදේශීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයක තරගයක් සඳහා සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්ය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පසුව ලොව පුරා පැවැත්වෙන දෙවන විශාලම සහ ජනප්‍රියම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙස බිග් බෑෂ් ලීගය සැලකේ.