මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 සිට
July 9, 2026 09:36 pm
"විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල" යන තේමාව යටතේ "මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය" ජූලි 14 සිට ජූලි 20 දක්වා දිවයින පුරා සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ශාරීරික, මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් පිරිපුන් ශ්‍රී ලාංකික මුල් ළමාවිය දරු පරපුරක් බිහිකිරීම අරමුණු කර ගනිමින් මෙම ජාතික සතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා විවිධ දැනුවත් කිරීමේ සහ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර ඇත.
ගර්භනී සහ කිරිදෙන මව්වරුන්, මුල් ළමාවිය දරුවන්, මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්, පෙරපාසල් ගුරුවරුන් සහ දෙමාපියන් ඉලක්ක කර ගනිමින් මෙම සතියේ වැඩසටහන් සැලසුම් කර ඇති බව සංවිධායකයින් සඳහන් කරයි.
