අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය නඳුනි

අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය නඳුනි

July 7, 2026   02:22 pm

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 26ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති අවිවාහක තරුණියකි.

මියගිය තරුණිය තනිවම මෙම නිවසේ සිට ඇති අතර ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයෙකුගේ අධිකරණ කටයුතුද සිදුකොට ඇත.

මෙය සියදිවී හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.