පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

July 7, 2026   08:27 am

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු සීනි තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එහිදී රුපියල් මිලියන 850ක පමණ වටිනාකමකින් යුත් සීනි මිටි 85,000ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල, අංගොඩ, පිළියන්දල සහ හැටන් යන ප්‍රදේශල පදිංචිකරුවන් බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.