තණමල්විල - උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

තණමල්විල - උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

July 4, 2026   03:46 pm

තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.