සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
July 4, 2026 07:00 am
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි බිරිඳ මියගොස් තිබේ.
අරලගංවිල පොලිස් වසමේ බිම්පොකුණ ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර තිබෙන අතර බරපතළ තත්ත්වයෙන් අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
මියගොස් ඇති කාන්තාව 29 හැවිරිදි බිම්පොකුණ, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
