කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් කාර්මික දෝෂයකට - දැඩි රථවාහන තදබදයක්

කැලණි පාලම අසලදී කන්ටේනර් රථයක් කාර්මික දෝෂයකට - දැඩි රථවාහන තදබදයක්

July 1, 2026   09:28 am

නුවර - කොළඹ ප්‍රධාන මර්ගයේ පෑලියගොඩ කැලණිය පාලම අසලදී කන්ටේනර් රථයක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

ඒ හේතුවෙන් කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

තදබදය අවම කිරීම සඳහා කොළඹ දෙසට පැමිණෙන රථවාහන මීගමුව මාර්ගයට පිවිස, පරණ පාලම ඔස්සේ කොළඹට පැමිණිය හැකි බව පොලිසිය පවසයි.

මාර්ගයේ වාහන ගමනාගමනය යථාතත්ත්වට පත්කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවද පොලිසිය පැවසීය.