ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි

ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි

June 27, 2026   06:20 am

අමෙරිකාව මැදිහත්වීමෙන් පසු ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් ද ඊට එක්වී ඇත.

ඊශ්‍රායලය අල්ලාගෙන සිටි දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල ඉවත් කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් ඊශ්‍රායල හමුදාවන්ට දකුණු ලෙබනනය අත්පත් කරගැනීම අඛණ්ඩව සිදුකිරීමට  ගිවිසුම මගින් ඉඩ ලබාදෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.