එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
June 23, 2026 10:11 pm
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවිය.
ඒ අනුව, ජෙනරාල් Kevin Schneider වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් ලැබීය.
නාවික හමුදාධිපති සහ ජෙනරාල් Kevin Schneider, කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
