අමෙරිකාව විසින් යෝජනා කර ඇති බද්ද මඟහරවා ගැනීමට කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි
June 18, 2026 04:02 pm
අමෙරිකාව විසින් යෝජනා කර ඇති සියයට 12.5ක නව වෙළෙඳ බද්ද මඟහරවා ගැනීම සඳහා රජය පවතින කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රොයිටස් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කළ ආනයනික භාණ්ඩ හඳුනාගැනීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමක වෙළෙඳාමක් සිදු කෙරේ.
යෝජිත නව අමෙරිකානු බදු ක්‍රමය යටතේ රටවල් 60කට පමණ සියයට 12.5 දක්වා බදු පැනවීමට යෝජනා වී ඇති අතර, ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වේ.
එම බදු අනුපාතය බංග්ලාදේශය සහ පාකිස්තානයට යෝජිත සියයට 10ක බද්දට වඩා ඉහළ අගයකි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයා ඇති අතර, එම ක්ෂේත්‍රයේ සේවකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටිති.
අමෙරිකානු බලධාරීන් විසින් මතුකර ඇති බලහත්කාර ශ්‍රමය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර සේවා පරිසරයක වැඩ කිරීමේ අයිතිය තහවුරු කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) C190 සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන නමුත්, එහි නිලධාරීන් හමුවීම සඳහා මේ වන විට අමෙරිකාවට සංචාරය කිරීමට සැලසුමක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජුනි 03 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.
බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.
ජුනි 03 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් යෝජනා කර තිබේ.
