මුදල් වංචාවකට මෙරට පුරවැසිභාවය ගත් ඉන්දියානුවෙක් අත්අඩංගුවට
June 17, 2026 05:28 am
විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් රුපියල් 4,990,000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව ඊයේ (16) දහවල් මෙම අපරාධය සම්බන්ධයෙන් මෙරට පුරවැසිභාවය ලබාගත් ඉන්දියන් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 32ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
