කුවේට් ගුවන් කලාපය නැවත විවෘත කරයි

කුවේට් ගුවන් කලාපය නැවත විවෘත කරයි

June 11, 2026   11:50 am

අද (11) උදෑසන තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය මේවන විට නැවත විවෘත කර තිබේ.

අද අලුයම කුවේටයේ සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව IRGC ආරක්ෂකයින් පැවසීමත් සමඟ කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එරට බළධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ හේතුවෙන් කුවේට් වෙත පැමිණි ගුවන්යානා නැවත හරවා යවා ඇති බවද එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසා තිබේ.

ඒ අනුව පැවති තත්ත්වය සමනය වීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් සීමාව මේ වන විට නැවත විවෘත කර ඇත.