සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
June 6, 2026 04:01 pm
රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතාගේ සහෝදරයා සහ පුතා ඔහු බැලීම සඳහා රහස් පොලීසිය වෙත වෙත පැමිණි අවස්ථාවේදී හිටපු බුද්ධි ප්‍රධානී මානසික කඩා වැටීමකට ලක්ව සිටි බවට නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව ඔහුට ලබා දෙන අමානුෂික වද හිංසා හේතුවෙන් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා මේ වන විට මරණය ඉලක්ක කරගනිමින් ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇතැයි ද උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,
"සුරේෂ් සලේ මහතා බලන්න ඔහුගේ සහෝදරයාත් පුතත් රහස් පොලීසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමකට ලක්වෙලායි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබාදීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමඟ පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොළයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හෝදියි බෙදලා තියෙන්නේ. පත්තර කොළේ, කෑමවලින් පෙඟිලා, ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී, පත්තර කොළේ ඉරිලා කෑමටික බිමට වැටිලා තියෙනවා. එතකොට ඔහුට කන්ඩ වෙන්නේ බිම තියෙන කෑම. මෙයින් මානසිකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි.
කරනු ලබන මේ අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා. එතුමා තමන්ගේ පුතා සමඟ හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලීසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට මට මෙහෙම කරන්න, මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමඟ ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක් වෙමින් බොරු චෝදනා වලට ලක් වෙමින් ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක සැපයි කියලා. මේ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් ඉදිරිපිට"
