සරම්ප නිසා දුක්විඳින බංග්ලාදේශය
සයුරෙන් එතෙර

සරම්ප නිසා දුක්විඳින බංග්ලාදේශය

June 6, 2026   12:21 pm

සරම්ප වසංගතය හේතුවෙන් බංග්ලාදේශය තුළ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

දරුවන් රැසකගේ ජීවිත පවා අහිමි කරමින් දසදහස් සංඛ්‍යාත පිරිසක් රෝගාතුර වෙමින් පවතින පසුබිමක, බංග්ලාදේශයේ තාරික් රහ්මාන් පරිපාලනයේ පවතින දැඩි උදාසීනත්වය මීට හේතුවී ඇති බවටද චෝදනා ඉල්ලවෙමින් තිබේ.

නිල වාර්තාවලට අනුව පසුගිය මාර්තු මැද භාගයේ සිට මේ දක්වා සරම්ප සහ සරම්ප වැනි රෝග ලක්ෂණ හේතුවෙන් දරුවන් 600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත. 

ඉන් මරණ 90ක් සරම්ප රෝගය නිසා සිදු වූ බවට තහවුරු කර ඇති අතර ඉතිරි මරණ 504 සරම්ප වැළඳීමෙන් සිදුවූ බවට සැක කෙරේ.