ඉබෝලා වෛරසය ආසාදිත බවට සැක කාන්තාවක් ඉන්දියාවෙන් හමුවෙයි 

ඉබෝලා වෛරසය ආසාදිත බවට සැක කාන්තාවක් ඉන්දියාවෙන් හමුවෙයි 

June 5, 2026   06:47 pm

ඉබෝලා වෛරසය ආසාදනයවී ඇතැයි සැක කෙරෙන කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දියාවේ ජයිපූර් ප්‍රදේශයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

එරට සෞඛ්‍ය බලධාරින් මේ වනවිට ඇයගේ රෝගය සම්බන්ධයෙන් රසායනාගාර වාර්තාව අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්ය. 

උගන්ඩා ජාතික කාන්තාවක් වන ඇය අද (05) පෙරවරුවේ සාර්ජාහි සිට ජයපූර් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. 

ගුවන්තොටුපළෙහි සිදු කරන සාමාන්‍ය පරීක්ෂාවකදී ඇයට ඉබෝලා වෛරස් රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඉන් අනතුරුව ඇය ජයිපූර්හි RUHS රෝහලට ඇතුළත් කර දැඩි හුදකලාවේ තබා ඇත. 

එම රෝහලේ අධිකාරී වෛද්‍ය අනිල් ගුප්තාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, කාන්තාවට ඉබෝලා වෛරසය ආසාදනයවී ඇති බවට මේ දක්වා හඳුනාගෙන නොමැති බවය. 

කෙසේ වෙතත් ඊට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, නිශ්චිත රෝග විනිශ්චයක් කළ හැක්කේ රසායනාගාර පරීක්ෂණයෙන් පසුව පමණක් බව ඔහු පැහැදිලි කර ඇත. 

වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල යවා ඇති බව වාර්තා වන අතර, ඇය දැනට ස්ථාපිත බෝවන රෝග ප්‍රොටෝකෝල යටතේ නිරීක්ෂණය කරනු බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.