රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ දෙදෙනෙකු මීගමුවේ දී අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ දෙදෙනෙකු මීගමුවේ දී අත්අඩංගුවට

June 5, 2026   10:04 am

මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42 හා 44 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ද මොවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. 

ඒ අනුව වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද රන් මුදු 12ක් සොයාගෙන ඇති අතර, ඔවුන් මීගමුවේ සිදුවූ රන් භාණ්ඩ සොරකමට පැමිණි යතුරුපැදියද සොයාගැනීමට හැකිව තිබේ.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.