Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මෙතෙක් වියදම් කර නැහැ - COPF
June 3, 2026 03:09 pm
ශ්‍රී ලංකා අරමුදලට ලැබුණු කිසිදු මුදලක් මේ වනතෙක් වියදම් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්.එස්. ඒකනායක මහතා පවසා තිබේ.
ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැදවූ අවස්ථාවේදී මේ පිළිබද අනාවරණය වී තිබේ.
"Rebuilding Sri Lanka" අරමුදල සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඊ. එම්.එස්. ඒකනායක මහතා මේ බව සදහන් කළේය.
