පාකිස්තානු නාවික හමුදා නෞකා දෙකක් සහ සබ්මැරීනයක් කොළඹ වරායට
June 2, 2026 10:55 pm
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’ සහ ‘PNS Aslat’ නෞකාවන් දෙක මෙන්ම ‘PNS/M Hangor’ සබ්මැරීනය සුහද සංචාරයක් සහ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
ඊයේ (01) එම නෞකාව සහ සබ්මැරීනය පැමිණි බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාවන් සහ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකර ඇත.
‘PNS Taimur’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් Niamat Saeed Khan, ‘PNS Aslat’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් Nadir Mateen Afridi සහ ‘PNS/M Hangor’ සබ්මැරීනයේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් Uzair Farooq කටයුතු කරයි.
මෙම සංචාරය අතරතුර නෞකාවන් සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ බටහිර නාවික විධාන මුහුදු කලාපයේ PASSEX (Passing Exercise) නාවික අභ්‍යාසයක ද නිරත වීමට සැලසුම් කර ඇත.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින නාවික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
