2026–2027 වසර සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්
June 2, 2026 01:04 pm
2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ.
ක්‍රිකට් ආයතනය අද (02) නිවේදනයක් මගින් සඳහන් කර සිටියේ, මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන බවය.
ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් (Central Contract) ලෙස කොන්ත්‍රාත් කිහිපයක් යටතේ වර්ග කර ඇත.
ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ ඉදිරි අවශ්‍යතා වඩාත් ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා ඔවුන් මෙලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ මෙම වර්ගීකරණයන් සහ තේරීම් සිදු කිරීමේදී කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ බවය.
ඒ අනුව පසුගිය තරග වාරයන් හී දැක්වූ දක්ෂතා, ක්‍රීඩාවේ පවත්වාගෙන ගිය ස්ථාවරත්වය, ශාරීරික හා මානසික සුදුසුකම්, ක්‍රීඩකයින් සතු අනාගත විභවය හා ජාතික කණ්ඩායම්වල ඉදිරි උපායමාර්ගික අවශ්‍යතා යන නිර්ණායක මේ සදහා පදනම් කරගෙන තිබේ.
මෙම කොන්ත්‍රාත්තු ලබා දීමේ මූලික අරමුණ වන්නේ තේරී පත් වූ ක්‍රීඩකයින්ට ඉහළම මට්ටමින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම, ව්‍යුහය සහ සම්පත් සැපයීමයි.
එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දීම අපේක්ෂා කර ඇත.
එම කොන්ත්‍රාත් ලබා ගත් ක්‍රීඩකයින් පහතින්,
Media Release - SLCM202649 - National Player Contracts Awarded for 46 Players by poornima
