ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රන්සිනි සහ සදෙව්ගෙන් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රන්සිනි සහ සදෙව්ගෙන් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක්

May 30, 2026   05:40 pm

අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී බාලිකා මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා අද (30) සමත්විය.

ඒ තියුණු අවසානයක් සටහන් කරමිනි. ඇය තත්ත්පර 24.07කින් මෙම තරගය නිම කරමින් මෙහි රන් පදක්කම දිනා ගනු ලැබීය.

මේ අතර මෙහි මීටර් 200 ශූරතා බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සදෙව් රාජකරුණා සමත්වූ අතර ඔහු තත්ත්පර 21.13ක කාලයක් තුළ ඔහුගේ තරගය නිම කළේය.