කොංගෝවේ ඉබෝලා මරණ 223 දක්වා ඉහළට

කොංගෝවේ ඉබෝලා මරණ 223 දක්වා ඉහළට

May 30, 2026   04:49 pm

කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට එරටින් වාර්තා වී ඇති ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 906ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

උගන්ඩාවෙන්ද මේ වන විට ඉබෝලා ආසාදිතයින් 09දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක්අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉබෝලා රෝගය මීට මාස 02ක පමණ සිට නැගෙනහිර කොංගෝව ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කර තිබේ.