කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ

කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ

May 30, 2026   04:32 pm

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද (30) අලුයම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 104ක් සමග ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී මින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.