නීතිවිරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

May 30, 2026   02:02 pm

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ නීතිවිරෝධීව අමතර කොටස් මෙරටට රැගෙන විත් ජීප්රථයක් එකලස් කිරීම, වලංගු ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, දුම් වාර්තා නොමැතිව ධාවනය කිරීම, කූඨ ලේඛන සැකසීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.