හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩු ජුනි 12 කැඳවීමට නියෝග
May 27, 2026 12:30 pm
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩු ජුනි මස 12 වනදා කැදවන ලෙස කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩු අද (27) ප්රියන්ත ලියනගේ, විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉන් අනතුරුව මෙම නඩුවලට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 12වනදා කැඳවන ලෙස ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබේ.
