SPUR NSW සංවිධානය පැවැත්වූ 17 වන වාර්ෂික රණවිරු සැමරුම

SPUR NSW සංවිධානය පැවැත්වූ 17 වන වාර්ෂික රණවිරු සැමරුම

May 25, 2026   01:55 pm

සාමය, එකමුතුව හා මානව හිමිකම් සඳහා වූ සංවිධානය "SPUR NSW" සිය 17 වන වාර්ෂික රණවිරු සැමරුම් උත්සවය ඔස්ට්‍රේලියාවේ දී පැවැත්විය.

මෙම උත්සවය ඊයේ (24) සිඩ්නි නුවර පිහිටි සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණේ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ හිටපු නාවික හමුදාපති සහ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමටත්, අනාගත පරම්පරාවන් සඳහා ස්ථිර සාමය සුරක්ෂිත කිරීමටත් තම ජීවිත පූජා කළ වීර රණවිරුවන්ට උපහාරයක් වශයෙන් මෙය සංවිධානය කර තිබුණි.

යුද සමයේදී සහ ඉන් පසුවත් තම SPUR NSW සංවිධානය රට වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී දායකත්වය එම සංවිධානයේ සභාපති නෙල්සන් පියරත්න මහතා එහිදී සිහිපත් කළේය.