පකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයකට සැරසෙයි
May 21, 2026 02:30 pm
පාකිස්තාන අගමැති Muhammad Shahbaz Sharif මහතා චීන සංචාරයකට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
චීන අගමැතිවරයාගේ ආරාධනයෙන් ඔහු එළඹෙන 23 වෙනිදා සිට 26 වෙනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) ප්‍රකාශ කළේය.
පාකිස්තාන අගමැතිවරයාගේ චීන සංචාරය, චීනය හා පාකිස්තානය අතර තානාපති සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සපිරීම සනිටුහන් කරමින් සිදුකරන වැදගත් රාජ්‍ය නායක මට්ටමේ හුවමාරුවක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් මහතා අද(21) පැවති මාධ්‍ය හමුවේදී පවසා තිබේ.
Muhammad Shahbaz Sharif මහතා චීනයේ රැඳී සිටින කාලය තුළ චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
