ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
May 15, 2026 12:43 pm
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කටයුතු කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
එය දෙරට අතර වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ යන අංශවලින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බව ඔහු සඳහන් කළේය.
බෙලරුස්හි සංචාරයේ නිරත විජිත හේරත් මහතා එරට සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජායෙව් හමුවී ඇති අතර එහිදී සෞඛ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
මේ අතර ඒ මහතා මින්ස්ක්හි පිහිටි බෙලරුස් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එම විශ්වවිද්‍යාලයේ මෙන්ම විටෙබ්ස්ක්, ග්‍රොඩ්නෝ සහ ගොමෙල් යන වෛද්‍ය විශ්වවිද්‍යාලවල මණඩපාධිපතිවරු හමුවී තිබේ.
දැනට ශ්‍රී ලාංකීක සිසුන් 3,000කට අධික පිරිසක් එහි වෛද්‍ය අධ්‍යාපනය ලබන අතර, එය දෙරට අතර පවතින ශක්තිමත් අධ්‍යාපනික හවුල්කාරිත්වය මනාව පිළිබිඹු කරන්නක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
