පුරාවස්තු යැයි සැකකෙරෙන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කළ දෙදෙනෙක්ට වැඩවරදියි

පුරාවස්තු යැයි සැකකෙරෙන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කළ දෙදෙනෙක්ට වැඩවරදියි

May 14, 2026   06:28 am

පුරාවස්තු බවට සැක කළ හැකි බුද්ධ ප්‍රතිමාවක් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.‍

ඊයේ (13) රාත්‍රී කාලයේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම සිදුකර තිබේ. 

පුරාවස්තු අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් සහ අදාළ බුද්ධ ප්‍රතිමාව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50 සහ 56 යන වයස්වල පසුවන්නන් වේ.

ඔවුන් පැල්ගහතැන්න සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

පොලිස් භාරයට ගත් බුද්ධ ප්‍රතිමාව සැබවින්ම පුරාවස්තුවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මහනුවර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.