අදත් ප්‍රදේශ කිහිපයකට අකුණු අධි අවදානමක්

අදත් ප්‍රදේශ කිහිපයකට අකුණු අධි අවදානමක්

May 6, 2026   12:27 pm

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ පළාත් සහ වව්නියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, අදාළ ප්‍රදේශවලට අද (06) සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.