ටී 56 පතරොම් තොගයක්, මැගසිනයක් සමඟ පාතාල සගයෙක් අත්අඩංගුවට
May 6, 2026 05:21 am
ටී 56 පතරොම් 54ක් හා එම මැගසිනයක් සමඟ විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) අලුයම කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ දී කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස අවුරුදු 25ක් වූ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පසුව කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී මෙම පතරොම් 54 හා මැගසිනය විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකුට අයත් බවට අනාවරණය වී ඇත.
කටුනායක පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
