නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කරයි

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කරයි

May 5, 2026   05:35 pm

පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට කැමිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන එස්.පී.අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අදින් අවසන් වේ.

ඒ අනුව පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි විමල් එස්. කේ. ලියනගම මහතා පත් කරනු ඇති.