රුපියල් ලක්ෂ විස්සකට අධික ගංජා හේනක් වටලයි - පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ විස්සකට අධික ගංජා හේනක් වටලයි - පුද්ගලයෙකු අත්අඩංගුවට

May 5, 2026   10:14 am

තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හම්බෙගමුව කරපිංචාලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීකමදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

එම ගංජා හේනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා පැළ එකොළොස් දහස් දෙසීයක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකු වන අතර සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.