හොරාට මැණික් ගැරූ 07ක් කොටුවෙයි

හොරාට මැණික් ගැරූ 07ක් කොටුවෙයි

May 4, 2026   09:13 am

නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 

නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ත් 43 ත් අතර පසු වන නොර්වුඩ් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.  

නොර්වුඩ් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.