දෙවන තරගයේ ජයත් නවසීලන්ත කි.ග්‍රෑ. 85න් රග්බි පහළ කණ්ඩායමට
May 3, 2026 06:22 pm
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර දෙවන හා අවසන් රග්බි තරගයද ලකුණු 25-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම අද (3) පස්වරුවේ සමත් විය.
මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 7-13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේ නවසීලන්ත කණ්ඩායමයි.
ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානය වෙනුවෙන් දෙපාර්ශ්වය අතර මෙම තරගය පැවැත්වෙන අතර, ඒ අනුව එම කුසලානය තවදුරටත් සිය සන්තකයේම රඳවා ගැනීමට නවසීලන්තයට හැකිවිය.
දෙරට අතර පළමු තරගය කොළඹ තුරඟ තරග පිටියේ පැවති අතර, එම තරගයෙන් ලකුණු 16-27ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.
