සයුරෙන් එතෙර
බංග්ලාදේශ විදේශ ඇමති ඉන්දියාවට
April 8, 2026 04:29 pm
බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
නවදිල්ලියට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ නව රජය පිහිටුවීමෙන් පසු එරටින් ඉන්දියාවට පැමිණි පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මෙය වෙනු ඇත.
මෙම සංචාරය ඉන්දු-බංග්ලාදේශ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් 'X' ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
සිය ඉන්දීය සංචාරය අතරතුර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හමුවීමට නියමිතය.
ඔහු ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ද හමුවනු ඇතැයි පැවසෙයි.
