ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්
April 8, 2026 08:08 am
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සේවාව ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන බවය.
එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වූ පසු සියලු සේවාවන් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
