ලාෆ්ස් අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟත්වය
April 8, 2026 06:59 am
Update - 1.00pm
උත්සව සමයේ ලාෆ්ස් ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා දිනකට ගෑස් සිලින්ඩර 30,000ක් නිකුත් කරනු ලබන බව එම සමාගම නිවේදනය කරයි.
--------------------
උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බවට එම සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවය.
හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්ට්‍රක් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වෙනිදා දිවයිනට පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම පසුගිය දා නිවේදනය කළේය.
අදාළ ගෑස් තොග ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් සඳහා අද දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බවට එම සමාගම දැනුම් දුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර උත්සව සමයට සමගාමීව වැටලීම් හා විමර්ශන වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.
