පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් ගලහ මංසන්ධියේ පන්දම් විරෝධයක
March 10, 2026 08:46 pm
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද රාත්‍රියේ ගලහ මංසන්ධියේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විය.
ඔවුන් ගලහ මංසන්ධියට පැමිණ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයෙහි හි එක් මංතීරුවක් වසා දැමීමට පොලීසිය කටයුතු කළ අතර, එම අවස්ථාවේ තරමක වාහන තදබදයක්ද දක්නට ලැබුණු බව වාර්තා වෙයි.
වත්මන් පාලකයන් විසින් විශ්වවිද්‍යාලය “මොන්ටිසෝරි”යක් ලෙස සලකා නීති සම්පාදනය කර චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවත්, එයට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවත් ශිෂ්‍ය නායකයන් පැවසීය.
එසේම, ශිෂ්‍ය නැගිටීම සහ එකමුතුව වැළැක්වීම සඳහා මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය මර්ධනයක් සිදුකරන බවට ද ඔවුන් චෝදනා කළහ.
