නායයෑම් ආපදා නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදලේ වෙනසක්
March 10, 2026 02:36 pm
නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
නායයෑම් හේතුවෙන් හෝ නායයෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල සිටින පවුල් හඳුනාගෙන ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ එම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මූල්‍ය සහාය ලබාදෙයි.
මෙතෙක් එම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6ක මුදලක් ලබාදෙනු ලැබූ අතර, එය රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධනය සිදු කර ඇති අතර, එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
