නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
February 24, 2026 07:30 pm
මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
මෙලෙස අක්තපත්‍ර භාර දෙනු ලැබුවේ කියුබානු ජනරජයේ නව තානාපති, කොළඹ සිටින කටාර් රාජ්‍යෙය් නව තානාපති සහ නවදිල්ලියේ සිටින ස්ලෝවිනියා ජනරජයේ යන තානාපතිවරුන්ය.
ඒ අනුව කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra මහත්මියත්, කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari මහතාත්, නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin මහතාත් ජනාධිපතිවරයාට අද අක්තපත්‍ර භාර දෙනු ලැබීය.
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහකද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.



