ඉන්දීය ධීවරයින් 12ක්  නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

February 24, 2026   10:22 am

දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 12දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.

මන්නාරමට දකුණු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙම පිරිස සිය භාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

මෙම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.